රේගු ඉතිහාසයේ මාසයක් තුළ ලැබූ ඉහළම ආදායම ලබයි.!

රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම පසුගිය මාසයේදී සටහන් කර ගැනීමට සමත් වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මහතා පවසයි.

පෙරේදා (15) පැවැති ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ පසුගිය මාසයේදී රේගු ආදායම ලෙස රුපියල් බිලියන 235ක ආදායමක් ලැබූ බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *