පාදුක්ක මාවත්ගම ප්රදේශයේදී ත්රීරෝද රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටී (15) පස්වරුවේ අනතුරක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කටයුතු කර ඇත.
කෙසේ වෙතත් බීමතින් රිය අනතුරක් සිදුකළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් පොලිස් ස්ථානයට පැමිණි සීතාවක ප්රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයෙක් පොලිස් නිලධාරින්ට බැන වැදී ඇත.
අනතුරුව ඔහු විසින් පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදීමට කටයුතු කර ඇති අතර පසුව පොලිස් නිලධාරින් දැඩි පරිශ්රමයක් දරා ඔහුව සිර මැදිරියට ඇතුළු කිරීමට කටයුතු කර ඇත.
හිටපු ප්රාදේශිය සභා මන්ත්රීගේ පහරදීමෙන් තුවාල ලැබූ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයා හංවැල්ල තුන්නාන ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු සීතාවක ප්රාදේශිය සභාවේ හිටපු එක්සත් ජතික පක්ෂයේ මන්ත්රීවරයෙක් වන අතර පසුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් තරුණ කටයුතු ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අයෙකි.



ප්රතිචාරයක් ලබාදෙන්න