අදානිට වෙන් කළ ඉඩමට නැවත ටෙන්ඩර් කැදවීමට රජය තීරණය කරයි.!

ඉන්දියාවේ ‘අදානි’ සමාගමට සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලට වෙන්කළ ඉඩම් දෙක නැවත ටෙන්ඩර් කැඳවා විදුලි ව්‍යාපෘතියකට ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (15) පැවසීය.

මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් තාවකාලිකව අත්හිටුවීමට ගත් පියවර පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි එසේ සඳහන් කළේය.

‘අදානි’ සමාගමට එහිදී මන්නාරමේ මෙගාවොට් 250 ක සහ පුනරින්වල මෙගාවොට් 234 ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙකකට ඉඩම් වෙන්කර තිබූ බවත් එම සමාගම මේ වන විට එම ව්‍යාපෘති දෙකෙන්ම ඉවත්ව ඇති බවත් අමාත්‍යවරයා කීය.

එම ඉඩම් දෙක අවශ්‍යතාව මත ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ‘අදානි’ සමගාමට හෝ වෙනත් ඕනෑම සමාගමකට ප්‍රදානය කළ හැකි බවත් එහිදී සාර්ථක සහ අඩුම මිලට ටෙන්ඩරය ප්‍රදානය කරන බවත් ජයකොඩි මහතා පැවසීය.

මන්නාරම් දූපත තුළ ඇති ඉඩම දූපතේ ජනතා නියෝජතයන්ගේ කැමැත මත එම ව්‍යාපෘතියට යොදාගැනීමට පසුගිය 13 වැනිදා ජනාධිපවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි බව කී අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පුනරින්වල ඇති ඉඩම සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බව ද සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *