සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වන බවට ඊශ්‍රායලය අනතුරු අඟවයි.!

පලස්තීනය විසින් සෙනසුරාදා දහවල් වන විට අපගේ ප්‍රාණ ඇපකරුවන් ආපසු නිදහස් නොකළ හොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කර නැවත දැඩි සටන් ආරම්භ කරන බවට ඊශ්‍රායල අනතුරු අඟවා ඇත.

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්දමන බවට හමාස් සංවිධානය කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ බව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගාසා තීරය තුළ සහ අවට ඊශ්‍රායල හමුදා ආරක්ෂාව තර කරන ලෙස තමා නියෝග කළ බවද බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 76 දෙනෙකු තවදුරටත් රඳවාගෙන සිටින බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *