සමුපකාර හා සතොස ජාලය පුළුල් කිරීමට අවධානය.!

අත්‍යවශ්‍ය භාණ්ඩ, පාරිභෝගිකයාට සහන මිලට ලබා දීමට සමුපකාර හා සතොස ජාලය පුළුල් කිරීම කෙරෙහි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අවධානය යොමුව තිබේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයන් දෙවැනි වරටත් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (10) රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡාවට ලක්ව තිබේ.

මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙ‍‍ළෙඳපොළක් ඇති කිරීමට ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇත. රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් කමිටු සාමාජිකයන්ට උපදෙස් දී තිබේ.

සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කරලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මෙම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණ වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *