පොලිස්පතිකමට හයක් සටනේ.!

පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙකු අතර උද්ගත වී ඇති තරගකාරී තත්ත්වයක් පිළිබඳව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක , සංජීව ධර්මරත්න, රන්මල් කොඩිතුවක්කු , කිත්සිරි ජයලත් සහ රාජිත ශ්‍රී දමින්ද යන මහත්වරුන් ඇතුළත් වෙති.

වාර්තාවලට අනුව, ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් බලගතු දේශපාලනඥයන් සහ ආගමික නායකයන් හරහා පොලිස්පති ධුරය ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටිති.

වර්තමාන වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස්පති ධුරයට පත් කරන ලෙසට ඇතැම් පාර්ශ්වයන් දැනටමත් රජයෙන් ඉල්ලීම් කර ඇති බවද සඳහන් වේ. කෙසේ වෙතත්, පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිබඳව රජය තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ලබන මස 5 වැනි දින විවාදයට ගැනීමට නියමිතය. එම යෝජනාව එදින සම්මත වුවහොත්, ජනාධිපතිවරයා විසින් ඔහු පොලිස්පති ධුරයෙන් ඉවත් කරනු ඇත.

දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත්, පොලිස්පති ධුරය සඳහා සුදුසු නාමයක් කඩිනමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කිරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *