කැලණිය වෙදමුල්ල මහජන ක්‍රීඩාංගනය ළමා උද්‍යානයක්, ක්‍රිකට් පුහුණු පිරියක්, අත් පන්දු පිටියක්, දැල් පන්දු පිටියක්, නවීන ක්‍රීඩාගාරයක් සහිතව, කැලණිය ප්‍රාදේශීය සභාව මගින් ඉතා විශාල මහජන මුදලක් වියදම් කරමින් ඉදි කරන ලද ක්‍රීඩා පිටියකි.
නමුත් පසුගිය සමයේ කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු නොවීම නිසා වල්වැදී විනාශ මුඛයට යමින් තිබුණි.
විවිධ අපචාර සඳහා පාරාදීසයක් බවට පත්ව තිබූ මෙම ක්‍රීඩා පිටිය නවීකරනය කිරීමට ආරම්භ කර තිබෙනවා. කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී කමලසිරි බණ්ඩාර මහතාගේ ඉල්ලීමකට අනූව කැලණිය ප්‍රාදේශීය සභාවයි මෙම පියවර ගෙන තිබෙන්නේ. ක්‍රීඩා අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක ක්‍රීඩා සතියට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා පිටිය පවිත්‍ර කිරීමේ කටයුතු 27.07.2025 දින සිදු කෙරුණා.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කලේ පොදු දේපල පෞද්ගලික දේපල හා සමානව රැකගැනීම පුරවැසියන් ලෙස අප කාගේත් වගකීම බවයි. මෙම අවස්තාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ පොලිස් ස්තානය යන ආයතන නියෝජනය කරමින් නිළධාරීන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.







ප්‍රතිචාරයක් ලබාදෙන්න