මෙරට දකුණු කොරියානු තානාපතිනි සහ අධිකරණ ඇමති අතර හමුවක් 

මෙරට දකුණු කොරියානු තානාපතිනි මියන් ලී සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අද (10) අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. 

එහිදී දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සහ වර්මානයේ මෙරට පවතින ආර්ථික, දේශපාලනික සහ සාමාජීය තත්වය පිළිබඳව මෙන්ම ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු බොහොමයක් පිළිබඳව සාකච්ඡා කර ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පිරිස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති කාර්යාලයේ උසස් නිලධාරියකු මෙම අවස්ථාවට සහභාගී විය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *