දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ ‘Dream Destination ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්ගේ හමුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
රට සංවර්ධනය කිරීම සඳහා සියලු දෙනා එක් විය යුතු බවත්, ඒ සඳහා ඕනෑම අයෙකුට දායක විය හැකි වේදිකාවක් වත්මන් රජය විසින් සකස් කර ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයන්ට සිය ස්තුතිය පළ කරන බව ද ජනාධිපති ලේකම්වරයා කියා සිටියේය.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමට මෙමඟින් අපේක්ෂිතය.
විශේෂ අවශ්‍යතා සහිත ප්රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව සහ සුව පහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ඒ සඳහා NIO Engineering සංවිධානය ස්වේච්ඡාවෙන් නිර්මාණශීලී දායකත්වය සපයන අතර, ඊට අදාළ ඉදිකිරීම් සඳහා මූල්‍ය දායකත්වය ව්‍යාපාරිකයන් විසින් සැපයේ. මාස 6ක් ඇතුළත මෙම ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුද, ව්‍යාපාරිකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න