පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් මඩකලපුව, කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු OIC රඳවාගෙන ප්‍රශ්න කරයි.!

පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් මඩකලපුව, කොට්ඨාස බුද්ධි ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට පැවසෙන, වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන නොමග යැවීමේ චෝදනාව මතයි මොහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඔහු දැනට කන්තලේ වාන්ඇල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *