ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තාන්නාපතිනිය වන සිරි වෝල්ට් ( Siri Walt ) මහත්මිය අතර හමුවක් අද 23.07.2025 දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත් වුනා.
එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් පිරිසකට ස්විට්සර්ලන්ත දේශපාලන ක්‍රමය පිළිබඳ අධ්‍යන චාරිකාවකට කළ ආරධනය සම්බන්දයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළ අතර දෙරටේ රාජ තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමට එහි ඇති වැදගත්කම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැණුනා.
තවද ස්විට්සර්ලන්ත ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා දක්වන උනන්දුව ඉතා ඉහල මට්ටමක පවතින බව වෝල්ට් මහත්මිය එහිදී සඳහන් කළා. මෙම අවස්තාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් ජස්ටින් බොයිලට් ( Justine Boillat ) මහත්මිය හා අමාත්‍යංශයීය නිළධාරීන් පිරිසක් එක්ව සිටියා.






ප්‍රතිචාරයක් ලබාදෙන්න