බන්ධනාගාර රැඳවියන්ගෙන් පිරී යයි.. නිලධාරීන්ගේත් හිඟයක්.!

මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 12,000ක් වූවත්, ඒවායේ 33,000ක් මේ වනවිට රඳවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසයි.

කොළඹ අද (09) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියාසිටියේ, දෙපාර්තමේන්තුව තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක්ද මේ වනවිට පවතින බවයි.

බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ,

“බන්ධනාගාර දෙපාර්තමේන්තු 36ක රඳවන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 12,000යි. මේ වන විට 33,000ක් රඳවා සිටිනවා.. ඒ නිසා අපේ කාර්යභාරය මහ දැවැන්තයි. ඒ වගේම 65%ක් ඉන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි. බන්ධනාගාරගත වෙන එක අවම කරන්න ඕනේ’ එහෙම නැත්තම් මේ රට නරක තත්ත්වයකට වැටෙයි. බන්ධනාගාර නිලධාරීන් සමස්තයක් විදිහට හොඳට වැඩ කරනවා.

අතලොස්සක් කරපු යම් යම් වැරදි නිසා විශ්වාසය පළුදු වෙන්න ඇති. ලංකාවේ ගොඩාක් බන්ධනාගාර තියෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශවල. මැගසින් බන්ධනාගාරට එහෙම උඩින් දුරකථන විසි කරනවා. මගේ නිලධාරීන් මහා දැවැන්ත කර්ත්‍යවයක් කරනවා. නිලධාරීන් අඩු වුණත් සමස්තයක් විදිහට හොඳ තත්ත්වය බන්ධනාගාරය දැන් තියෙනවා. දුරකථන ඉතාම සීමිත කරලා තියෙන්නේ. පුළුවන් තරම් පරීක්ෂා කරලා ආරක්ෂාව සහතික කරලා තියෙනවා මේ මොහොත වනවිට”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *