මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 8000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඒ අනුව පොලිස් නිලධාරීන් 6,200ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 564ක් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,200ක් මෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 29ක් යෙදවීමට නියමිත බවයි.

එමෙන්ම පොලිස් නිල සුනඛයින්ගේ සහාය ද පෙරහරේ ආරක්ෂාව වෙනුවෙන් ලබා ගනු ඇති.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *