ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) අලුයම 3.28ට රික්ටර් මාපකයේ 7.7ක අගයකින් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 යන අගයන්වලින් පසු කම්පන 3ක්ද සිදුව ඇති බවය.
ඒ අනුව එරටට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමටද එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය පියවර ගෙන ඇත.
එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීම මගින් එරට ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ වෙරළ තීරයෙන් සහ ගං ඉවුරුවලින් ඉවත්ව සිටින ලෙසය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න