එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයට උනන්දුවෙන්.!

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි මහතා සහ (Khaled Nasser AIAmeri)බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතර හමුවක් සිදුව තිබේ.

එහිදී අදහස් දැක්වූ තානාපතිවරයා පවසා ඇත්තේ තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ද හමුවු බවත් ඉතා සමීප මිත්‍ර සම්බන්ධයක් ඇති රටක් ලෙස ලංකාවේ සිදු වූ දේශපාලන පරිවර්තනය ඉතා සුබවාදී ලෙස දකින බවත්ය.

විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව ඉතා උනන්දුවෙන් සිටින බව ද ඒ මහතා පවසා තිබේ.

තවද ඉදිරි දිනවලදී කිරීමට නියමිත ජනාධිපතිවරයාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය, ඉහත අයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට හා විවිධ එකඟතා ඇතිකර ගැනීමට ඉතා සුදුසු අවස්ථාවක් වනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *