ඉරාන තානාපති ඇමති විජිත හමුවෙයි.!

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබදව මෙහිදි අවධානය යොමුවූ බවය.

කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සායන්හි වැදගත්කම මෙම සාකච්ඡාවේ දී ඉරාන තානාපතිවරයාට අවධාරණය කළ බව අමාත්‍යවරයා පවසයි.

තවදුරටත් ගැටුම් උත්සන්න වීම කලාපයට සහ ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව මෙන්ම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වු බව විජිත හේරත් අමාත්‍යවරයා සිය සටහන මඟින් දැනුම් දී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *