මෙරට වරාය හා ගුවන්⁣සේවා සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දැවැන්ත ආයෝජනයක්.!

මෙරට වරාය හා ගුවන්⁣සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය එකඟතාව පල කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය බිමල් රත්නායක සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි යන මහත්වරුන් අතර පැවැති වි⁣ශේෂ හමුවකදී ඒ බව අනාවරණවී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා ගුවන් පර්යන්තයක් සඳහා ආයෝජනයට ද එහිදී එකඟතාව පළ කර තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මාසයේ මැද භාගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.

එම සංචාරය පිළිබඳවත් තානාපතිවරයා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග සාකච්ඡා කළ බව අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *