හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.
අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ හෙට දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000කට අධික පිරිසක් යොදවා ඇති බවය.
ඒ අනුව පැමිණෙන පුද්ගලයින්ව පරීක්ෂාවකින් අනතුරුව නිදහස් දින සැමරුම් උත්සවය වෙත යොමු කරන බව ද පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා විශාල ජනතාවක් නිදහස් දින සැමරුමට සහභාගී වෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.
හෙට දිනයේ විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වීමට නියමිත බව ද පොලීසිය සඳහන් කරයි.
මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසා සිටියේ, උදෑසන 7ට පෙර අදාළ ස්ථානය වෙත ගොස් අසුන් ගන්නා ලෙස සියලු ආරාධිතයින්ගෙන් ඉල්ලා සිටින බවය.
මේ අතර නිදහස් දින සැමරුම නැරඹීමට පැමිණෙන මහජනතාව බෞද්ධාලෝක මාවතෙන් පැමිණිය යුතු අතර පසුව රූපවාහිනි පරිශ්‍රය ආසන්නයෙන් පරීක්ෂාවට ලක්කර ආසන වෙත යොමු කෙරෙණු ඇත.
බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දිය, ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළු වීම, ආර්.අස්.පී හන්දියෙන් රාජ්‍ය පරිපාලනය දෙසට ඇතුළු වීම, විජේරාම විද්‍යා මාවතෙන් විද්‍යා මාවත දෙසට ඇතුළු වීම, නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුළු වීම, නිදහස් වටරවුමින් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුළු වීම, පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුම දෙසට ඇතුළු වීම හා නිදහස් පදනම් හන්දියෙන් නිදහස් මාවතට ඇතුළු වීම මාර්ගය වසා ගමනා ගමනය සීමා කර තිබේ.
පදිංචිකරුවන්ගේ අනන්‍යතාවය මත ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන බව ද පැවසු ඉන්දික හපුගොඩ මහතා, කොළඹට ඇතුළ වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස පහත සඳහන් මාර්ග පිළිබඳ මහජනතාව දැනුවත් කළේය.
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ අඩු පිරිවැයකින්, මහජනතාවට සිදුවන පීඩා අවම වන ආකාරයෙන් සහ වැඩි ජන සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමටය.
මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා ත්‍රිවිධ හමුදා සෙබළුන් සංඛ්‍යාව සියයට 40කින් අඩු කර ඇති අතර පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනීමටත් තීරණය කර තිබේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න