රුහුණු සංවර්ධන පදනමට යැයි පවසමින්, 2022 වසරේ කෘෂිකර්ම හා වනජීවී ඇමතිවරයා වශයෙන් කටයුතු කළ මහින්ද අමරවීරගේ මැදිහත් වීම මත අගුණ කොළ පැලැස්ස නගර මධ්‍යයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක්, තරුණ සම්පන් මධ්‍ය ස්ථානයක් පවත්වාගෙන යාමට බව පවසමින් අවුරුදු 30ක් සඳහා රජයේ ඉඩම් ආඥා පනතේ දීර්ඝකාලීන බදු පදනම මතලබාගෙන එහි විශාල ගොඩ නැගිල්ලක් ඉදිකර අත්හැර දමා ඇති බවත්, එම ගොඩනැගිල්ල අයථා ලෙස කිසිදු අනුමැතියක් නොමැතිව ඉදිකරන ලද්දක් බවත් ඊයේ (2025.06.24) අගුණකොළපැලස්ස පුරහලේ දී පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාන්‍ය, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් සෙනරත් මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ අඟුණ කොළ පැලස්ස ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.
2025.06.03 දින තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත යොමු කළ ලිපිය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අගුණ කොළ පැලැස්ස කොට්ඨාස කළමනාකාර කාර්යාලය විසින් ලබාදී ඇති තොරතුරු අනුව බම්බලපිටිය, වජිර පාර, අංක 145 ඒ ලිපිනයේ පිහිටි රුහුණු සංවර්ධන පදනම වෙත තරුණ සම්පත් මධ්‍ය ස්ථානයක් පවත්වාගෙන යාමේ අරමුණ වෙනුවෙන් මෙම ඉඩම ලබා දී ඇති බවත් රුහුණු සංවර්ධන පදනමේ සභාපති විසින් භාරගත් බවට අත්සන් කොට ඇති ලියවිල්ලේ අඩංගු කොන්දේසි සැපිරී ඇත්ද යන කරුණු කෙරෙහිද අවධානය යොමු විය.
මීට සම්බන්ධ සියළු කරුණු පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස නියෝජ්‍ය අමාත්‍යතුමා අදාල සියළු අංශ වෙත පැවසූ අතර කරුණු අධ්‍යනයක් හා පරීක්ෂණයක් සිදුකර මේ පිළිබඳව වගකිව යුතු දේශපාලනඥයින්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසීය.
තවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ඉඩම් ගනාවක් රුහුණු සංවර්ධන පදනම නමින් ලබා ගෙන ඇති බවත් නංගල්ල ප්‍රදේශයේ ලබාගෙන ඇති රජයේ ඉඩමක් අතුරු බදු දීමක්ද කොට එහි ඉදිකිරීමක් කිරීමටද සූදානම්ව ඇති බව රුවන් සෙනරත් මහතා ප්‍රකාශ කළේය.
මේ ආකාරයට ලබාගෙන ඇති තවත් ඉඩම් පිළිබඳව තොරතුරු වෙතොත් ඒවාද ලබාදෙන මෙන් ඉල්ලා සිටි නියෝජ්‍ය අමාත්‍යතුමා නවදුරටත් මෙවැනි සිදුවීම් සිදු නොවීමටද වග බලාගන්නා ලෙස රජයේ නිලධාරීන්ට දැනුම් දීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න