රුපියල් මිලියන 15,823ක් වටිනා විදේශීය රාජ්‍ය ණය, රාජ්‍ය මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.
විදේශීය රාජ්‍ය ණය වාර්තා කිරීමට භාවිතා කරන පරිගණක පද්ධතියේ වාර්තාව සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේ දී 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වන විට මෙකී විදේශීය ණය මුදල රජයේ මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගතකොට නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ගිණුම්ගත නොකළ විදේශීය ණය මුදල් භාවිතා කර දරා ඇති වියදම් ද 2023 වර්ෂයේ දී ගිණුම්ගත කර නොමැති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
සියලු විදේශීය ණය ගිණුම්ගත කර අදාළ වියදම් නිවැරදිව සටහන් කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත. ගිණුම්ගත නොවූ විදේශීය ණය වටිනාකම මුළු විදේශීය ණය වටිනාකමින් සියයට 0.05ක් බව කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.
විදේශ ණය සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත නිරන්තර උපදෙස් ලබා දෙමින් ඒවා ගිණුම්ගත කිරීමට කටයුතු සිදුකරන බව කළමනාකාරිත්වය විසින් වැඩිදුරටත් විගණනයට සඳහන් කර ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න