සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකුලව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී කටයුතු නොකිරීම හේතුවෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ පහත සඳහන් සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බව සමගි ජන බලවේගය පවසයි.
- හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත්
- අධිකාරීනායක මුදියන්සේලාගේ පෙන ලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක
- කරදගොල්ලේ වලව්වේ ධනංජ සම්පත් කරදගොල්ල
- අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක
- හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි
- ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අදාළ නිවේදනය සිදුකර තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න