බොරතෙල් මිල තවත් ඉහළට.!

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇත.

අද (16) දිනයේ WIT බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.08කට අලෙවි වු අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී ඇත්තේ ඩොලර් 75.37ක් ලෙසයි.

පසුගිය (12) වනදා ලෝක වෙළෙඳපොළේ WIT බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.04කට අලෙවි වු අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී තිබුණේ ඩොලර් 69.24ක් ලෙසයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *