රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්.!

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර පසුගිය සමයේ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් එලෙස සිරකරුවන් නිදහස් කර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා දිවයින පුරා පිහිටි බන්ධනාගාර 28 සඳහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් යොමුකර ඇති බව සඳහන්ය.

ඒ අනුව ඔවුන් ඊට අදාළ විමර්ශන කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *