ඊශ්‍රායල – ඉරාන යුද උණුසුම තවත් වැඩිවෙයි.. නව ප්‍රහාර රැසක් දියත් වෙයි.!

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ඉලක්ක අතර ඉරාන ආරක්ෂක අමාත්‍යංශයේ මූලස්ථානය සහ ආරක්ෂකක නවොත්පාදන හා පර්යේෂණ සංවිධානයට ඉලක්ක කරගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ටෙහෙරානයේ තෙල් අමාත්‍යංශය පැවසුවේ අගනුර ෂහ්රාන් තෙල් ගබඩාවට ඊශ්‍රායල ප්‍රහාරවලින් හානි සිදුව ඇති බවය.

මේ අතර එල්ල වූ ප්‍රහාර හමුවේ නැවත ප්‍රති ප්‍රහාර යොමු කිරීමටද ඉරානය කටයුතු කර තිබේ.

ඒ අනුව ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කර නව ඩ්‍රෝන ප්‍රහාරයක් සහ මිසයිලයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම ආරක්ෂක කැබිනට් මණ්ඩලය කැඳවා ඇතැයිද වාර්තා වේ.

මේ අතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසා ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතියහොත් ඉරාන ප්‍රහාර තවත් තීව්‍ර වනු ඇති බවය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *