2024 මහමැතිවරණයට ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින් ඉදිරිපත්වූ ෆයිසර් මුස්තාපා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අඟහරුවාදා (10) වාර්තා වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජයග්‍රහණය කළ ආසන දෙකෙන් ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුස්තාපා නම් කර ඇති බවයි.
කෙසේවෙතත්, ෆයිසර් මුස්තාපා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ මතුව ඇති මතභේදාත්මක තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බවත් වාර්තා වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න