මනූෂ ඉල්ලූ පූර්ව ඇපය නිශ්ප්‍රභ වෙයි.!

දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු රැකියා සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් සැපයීමේ “ඊ 8 විසා ගිවිසුම” සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිසිය තමන්ව අත් අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති බැවින් අත්අඩංගුවට ගතහොත් ඇප ලබා ගැනීමට හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (22) නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා සහ තැනැත්තන් වෙළඳාම් හා ජාවාරම් කිරීමේ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති වග උත්තරකරුවන් කරමින් මෙම පෙස්සම ගොනුකර තිබුනි.

ඊයේ (21) දින රහස් පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දුන් මනුෂ නානායක්කාර මහතා අදාළ පෙත්සමය පවරා පවත්වාගෙන යෑමට අදහස් නොකරන බැවින් ඉල්ලා අස්කර ගන්නා බවට නීතිඥ ජනදීස රණසිංහ මහතා අධිකරණයට කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.

නානායක්කාර මහතාගේ පෙස්සම් ප්‍රකාරව නිකුත් කළ නොතීසියක් පරිදි අධිකරණය පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා පසුගිය 20 දින අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නානායක්කාර මහතා මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස මේ දක්වා නම්කර නොමැතිි බවය. නානායක්කාර මහතා අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සඳහන් කළේය.

රහස් පොලිසියේ එම කරුණු දැක්වීම අනුව ඊයේ(21) දින රහස් පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදීමට නානායක්කාර මහතා කටයුතු කර තිබිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *