අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළට.!

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබේ.

පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඇති අතර දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (22) දින සිට ලබාගත හැකියි.

ඒ අනුව,

රටකජු කිලෝවක පැවති මිල රුපියල් 1095ක් වන අතර නව මිල වන්නේ රුපියල් 995ක්.

දුඹුරු සීනි කිලෝවක පැවැති මිල රුපියල් 340 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 300ක්.

ආනයනික අර්තාපල්වල පැවැති මිල රුපියල් 210 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 180 ක්.

රතු කව්පි කිලෝවක පැවැති මිල රුපියල් 795 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 765 ක්.

හාල්මැස්සෝ කිලෝවක පැවැති මිල රුපියල් 960 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 940ක්.

වියළි මිරිස් කිලෝවක පැවැති මිල රුපියල් 845 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 830ක්.

බාස්මති සහල්(ප්‍රිමියර්) කිලොවක පැවැති මිල රුපියල් 655 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 645ක්.

ආනයනික ලොකු ලූණු කිලෝවක පැවැති මිල රුපියල් 240 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 230ක්.

පරිප්පු කිලෝවක පැවැති මිල රුපියල් 290 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 288ක්.

සුදු සීනී කිලෝවක පැවැති මිල රුපියල් 242 ක් වන අතර නව මිල වන්නේ රුපියල් 240ක්.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *