මහින්දගේ ආරක්ෂාවට කෝටි 32යි… හිටපු ඔක්කොටම කෝටි 110යි… ආරක්ෂාව බැස්සුවා කියන කතා බොරු…

පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සදහා යොදවන පොලිස් නිලධාරීන්ගේ වැය ශීර්ෂය වාර්ෂිකව රුපියල් කෝටි 110ක් පමණ වන බවයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60ක් දක්වා සංශෝධනය කර පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවද පොලිස් මූලස්ථානය සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සදහා වාර්ෂිකව රුපියල් කෝටි 32කට වැඩි වැය බරක් දරන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන් යොදවා සිටින බැවින් ආරක්ෂා⁣වේ කිසිදු බිඳ වැටීමක් සිදුවී නොමැති බවද පොලිස් මූලස්ථානය සදහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *