සංචාරකයෝ වැලනොකැඩී එති… මේ අවුරුද්දේ දැනටම මිලියන 1.9ක් ඇවිත්…

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කරන්නේ දෙසැම්බර් මාසයේ දී පමණක් 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවයි.

එමෙන්ම දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 250,000ක් පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

සංචාරක පැමිණීම මෙම වසර තුළ මිලියන 2.2 ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවත් එම ඉලක්කය සපුරාලීමෙන් පසු 2018 වසරෙන් පසුව මිලියන දෙකක ඉලක්කය සැපිරූ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වෙනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *