කෙටි කාලෙකින් සියල්ලටම විසඳුම් දෙනවා…

ජනතාවගේ ජීවිත, දේපල සහ ඔවුන්ගේ වගාබිම් වන අලින්ගෙන් සහ වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට රජය මේ වනවිට කෙටි කාලීන යම්යම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඉතාම කෙටි කාලයක් තුල මේ සදහා අදියරෙන් අදියර තිරසාර විසදුමක් ලබාදීමට පියවර ගන්නා බවද, නව අයවැයෙන් මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන්කරන බව හා දැනට කෙටි කාලීනව ජනතාවට රැකබලාගන්නා ක්‍රමයකට මැදිහත් වෙලා සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

වන අලි ගැටලුව හා වන සතුන් මගින් ජනතාවට සිදුවන හානි සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවත් මේ වනවිට සාකච්ජා ආරම්භ කර ඇති බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *