ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.
ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මෑත ඉතිහාසයේ වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවය.
මුදල් අමාත්‍යාංශයද මේ බව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර තිබේ.
දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය මින් පෙර නිවේදන කළේය.
ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය විසින් පසුගිය නොවැම්බර් මස 26 දින නිකුත් කළ අතර, ඒ වන විට හිඟව ඇති බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වූ අතර එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව තිබුණි.
ඒ සඳහා වූ කැබිනට් අනුමැතියද ලැබුණු බව පසුගිය 26 වැනිදා පැවැති කැබිනට් තීරණ දැම්දීමේ මාධ්‍ය හමුවෙය්දී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න