මහින්දගේ විජේරාම ගෙදර දින 7ක පිරිතක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින විජේරාම පිහිටි නිල නිවසේ දින 7ක පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවෙඩ් සටහනක් ද තබා ඇත.

එම සටහනට අනුව පිරිත් සජ්ඣායනයේ සමාරම්භක අවස්ථාවට ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ හා ශ්‍රී සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාලිකාවේ සභාපති, පූජ්‍යපාද බොරලන්දේ වජිරඤාණ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර ඇත.

හිටපු ජනාධිපතිවරයා පදිංචිව සිටින මෙම විජේරාම නිල නිවස සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ වැඩි කතාබහක් නිර්මාණය වී තිබිණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *