හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඊයේ (27) රාත්‍රියේ විජේරාම පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන් ය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පැරණි සාමාජිකයින් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිට ඇති අතර හිටපු ජනාධිපතිවරයා ඔවුන්ට පැමිණෙන ලෙස ආරාධනාවක් ද සිදුකර තිබී ඇති බවත් සඳහන් ය.
මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවස සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී වාතාවරණය මෙන්ම ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න