ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් අද.!

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අද (28) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

අද දින සමාරම්භක සැසියට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වන අතර එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රි මහතා සමඟ තිරසාර ආර්ථික ප්‍රගතිය සඳහා රජයේ දැක්ම පිළිබඳ සුවිශේෂී සංවාදයකට ජනාධිපතිවරයා එක්වනු ඇත.

ව්‍යාපාරික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්‍රඥයින් සහ ජ්‍යෙෂ්ඨ ආයතනික නියෝජනයන්ගෙන් පෙර නොවූ විරූවාර්තාගත සහභාගීත්වයක් මෙවර සමුළුව වෙත ලැබී ඇති අතර Shaping Sri Lanka’s Future: Transformational Growth with Sound Economic Policies යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙනු ඇත.

එහි සමාරම්භක දේශනය ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා විසින් සිදුකිරීමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *