මෝල්ලුන්ට ලාල් නාස් ලණුව දමයි.!

මේ වනවිට කුඩා, මධ්‍යම සහ මහා පරිමාන සියලුම වී මෝල් ලියාපදිංචි කිරීමට රජය පියවර ගෙන ඇති බව වී අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි.

ලියාපදිංචිය සඳහාවන සියලුම ප්‍රදේශීය ලේකම් කාර්යාල වලින් අයදුම්පත් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා සඳහන් කරයි.

වී තොග සැඟවීම හරහා වෙළඳපොළ තුළ කෘතීම සහල් හිඟයක් ඇතිකිරීම වැලැක්වීම සඳහා වී තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත රජයට ලබා ගැනිම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසීය.

වී තොග රැස්කරන පිරිස සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් ඉදිරියේදී ගොඩනැගීමේ අරමුණින් වී අලෙවි මණ්ඩල පනත අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ද සභාපතිවරයා පැවසීය.

එමෙන්ම ලියාපදිංචි නොවන වී මෝල් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *