වැඩිකළ වකුගඩු රෝගීන්ගේ දීමනාව ජනවාරියේ සිට…

වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව සම්බන්ධව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් ව ඇත්තේ දෙසැම්බර් මාසයෙන් පසුව එම දීමනාව කප්පාදු කිරීමට සූදානම් බවට පලවී ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවය.

වකුගඩු රෝගීන්ට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජයේ තීරණය එළැඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

රජය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්, සවිබලගැන්වීමේ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීම්ක් මේ දිනවල සිදුකරන නමුත් එමගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් කිසිදු අයුරකින් අහිමි කිරීමක් සිදු නොවන බවත් එමගින් දන්වා තිබේ.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244ක් මෙරට සිටින බවත් එම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බැවින් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වැදගත් බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *