ඉන්දියාවේ හැංගිලා හිටපු අපරාධකාරයෙක් කුදලගෙන එයි.!

අධිකරණ කටයුතු මගහැර නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි ලියාපදිංචි අපරාධකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයිනට රැගෙනවිත් තිබේ.

ඊයේ (12) රාත්‍රියේ අදාළ සැකකරු මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නමැති අදාළ අපරාධකරු කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *