ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්.!

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබේ.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා සිරගතව සිටියි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *