විවේකී සති අන්තය නැවුම් ඉසව්වකට රැගෙන ගිය Harmony Center සංස්කෘතික අවකාශය.!

ටික කලෙක විරාමයකින් පසු Harmony Center සංස්කෘතික අවකාශය පසුගිය දා නැවත වැඩ ඇරඹුවේ විශාල ‌සහෘද ප්‍රේක්ෂක ජනකායක් සමඟිනි.

ජනවාරි 5 දා හැන්දෑවේ No Names Collective සංගීත කණ්ඩායම සමඟ සංයෝජනය වූ රංගවේදී ප්‍රියන්ත සිරිකුමාර සමාජ සංවාද තලයකට මග විවර කළේ ය. ජනප්‍රිය සුගායක නදීක ජයවර්ධනගේ ඉමිහිරි ගී ගැයුම ප්‍රේක්ෂාව ගෙන ගියේ සිතිවිලි සීතල ඉසව්වකටයි.

No Names Collective සුපුරුදු පරිදි සිය ගවේෂණාත්මක ගී අත්හදාබැලීම් කිහිපයක් සහෘදයන් වෙත ඉදිරිපත් කළ අතර ඔවුන් ඒවා බාරගත්තේ දැඩි උද්යෝගීවයි. ප්‍රශ්නයක් ඇයි ප්‍රශ්නයක් වුණේ යනුවෙන් ඔවුන් ඉදිරිපත් කළ නිර්මාණය පදරචනාමය නවමු බවක් එක් කළ එකක් විය.

පසුව ඇති වුණ සංවාදය ඉතා හරබර බරසාර වූ අතර විවේකී සති අන්තයේ සාමාන්‍යයෙන් එවැනි වැඩසටහනකට සහභාගි නොවෙන තරම් ප්‍රමාණයේ පිරිසක් සහභාගි වීම කැපී පෙනෙන සිදුවීමකි.

මෙම සංවාදය සෙන්ටරයෙන් එළියට ගෙන ගොස් මහජනතාව අතරට ගෙන යෑමට ඔවුන් වෑයම් කරන බව සැළවෙන අතර එළැඹෙන ජනවාරි 19 දා මහරගම පොලේ වැඩසටහන සූදානම් වන බවද කියැවෙයි.

Spread the news

Comments

One response to “විවේකී සති අන්තය නැවුම් ඉසව්වකට රැගෙන ගිය Harmony Center සංස්කෘතික අවකාශය.!”

  1. හේරත් Avatar

    නුවරටත් ඉක්මනින් එන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *