දුමින්ද සිල්වාට යළි මාරුවක්.!

විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත ක්‍රියා කරමින්, ජනවාරි 16 වන දින දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ K-1 නම් සාමාන්‍ය සිර මැදිරියක් වෙත මාරු කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව, තවදුරටත් රෝහල් ගත කර තැබීමේ අවශ්‍යතාවයක් නොමැති බවට නිගමනය කිරීමෙන් පසුවය.

මීට පෙර, ජනවාරි 10 වන දින සිරකරු සාමාන්‍ය සිර මැදිරියකට මාරු කිරීමෙන් පසු හදිසි සංකූලතාවයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබුණි.

රෝහලෙන් මුදා හැරීමෙන් පසු නැවත බන්ධනාගාර රෝහල වෙත රැගෙන එන ලද අතර, විශේෂඥ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන තෙක් එහි රඳවා තැබීමට තීරණය කර තිබිණි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සිරකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක ඇගයීමක් සිදු කර ඇත.

එම කමිටුවේ නිර්දේශය වී ඇත්තේ තවදුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තැබීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. කෙසේ වෙතත්, හදිසි අවස්ථාවක දී වහාම ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය පියවර ගත යුතු බවද කමිටුව නිර්දේශ කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *