විදුලි ගාස්තු 20% කින් පහළට.!

අද මධ්‍යම රාත්‍රි​යේ සිට විදුලි ගාස්තු 20% කින් අඩුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහිදී 0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සදහා සියයට 20 කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සදහා සියයට 21%කින් විදුලි ගාස්තු අඩු කර තිබේ. 

හෝටල් සදහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සදහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සදහා විදුලි ගාස්තු 12%කින් අඩුකර ඇත. 

රාජ්‍ය ආයතන සදහා 11%කින්ද වීථි ලාම්පු සදහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන තිබේ.

එම සංශෝධිත මිල ගණන් පහතින්.

  • ගෘහස්ථ අංශය සඳහා

ඒකක 0 – 30 දක්වා 29%
ඒකක 31 – 60 දක්වා – 28%
ඒකක 61 – 90 දක්වා – 19%
ඒකක 91 – 180 දක්වා – 18%
ඒකක 180 සිට ඉහළට – 19%
D – TOU කාණ්ඩය – 31%

  • පොදු කාර්‍ය අංශය – 12%
  • රාජ්‍ය ආයතන – 11%
  • හෝටල් අංශය – 31%
  • කර්මාන්ත අංශය – 30%
  • ආගමික හා පුණ්‍යායතන සඳහා – 21%
  • වීථි ලාම්පු සඳහා – 11%
  • සමස්ථ අඩුවීම 20%
Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *