රථ වාහන අනතුරුවලින් දිනකට මියයන ගණන යුද සමයේ මියගිය ප්‍රමාණයට වඩා වැඩියි – වැඩබලන පොලිස්පති කියයි

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන පුද්ගලයින් ගණන යුද සමයේ මියගිය ප්‍රමාණයට වඩා වැඩි බවය.

මෙය නොපෙනෙන ත්‍රස්තවාදයක් බව ද සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා, මාර්ග විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් බව ද පැවසීය.

පසුගිය දිනවල රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 9කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව ද පැවසු වැඩබලන පොලිස්පතිවරයා, එය 4ක් දක්වා අවම කරගැනීමටත් ඇතැම් දිනවල 2ක දක්වා අඩු වූ බවත් කියා සිටියේය.

එමෙන්ම දිනකට පුද්ගලයින් 10 – 15ත් අතර පිරිසක් රිය අනතුරු හේතුවෙන් සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වෙන බවත්, යුද සමයේ දිනකට මියගියේ පුද්ගලයින් 4 – 5ක් වැනි ප්‍රමාණයක් බව ද පැවසීය.

Spread the news

Comments

“රථ වාහන අනතුරුවලින් දිනකට මියයන ගණන යුද සමයේ මියගිය ප්‍රමාණයට වඩා වැඩියි – වැඩබලන පොලිස්පති කියයි”ට එක් ප්‍රතිචාරයක්

  1. President Anuradha returns to the island after completing a successful visit to China!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *