පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් මස මුලදී පැවැත්වෙනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සදහන් කරයි.
රටේ ආර්ථිකය, බදු ප්‍රතිපත්තිය මත සමහර තීරණ අකමැත්තෙන් වුවත් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවත් මෙම කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ අභියෝගය ජයගන්නා බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සදහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් 2023 මාර්තු (09) වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා කල් දැමූ අතර, මීට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියෝග කළේ කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින්ම පවත්වා අවසන් කරන ලෙසයි.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පවසන්නේ ලබන මාර්තු මස අ.පො.ස සාමාන්‍ය පෙළ අවසන් වනතුරු මැතිවරණය පැවැත්විය නොහැකි බවත් අනතුරුව අප්‍රේල් මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න