මෙච්චර කල් කුඩු ගහන අය ඇල්ලුවාට, කුඩු ගේන අය ඇල්ලුවේ නැහැ…

මෙතෙක් කලක් කුඩු භාවිත කරන කෙනා ඇල්ලුවත්, කුඩු ගේන කෙනා ඇල්ලුවේ නැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිදු දේශපාලනමය බාධාවක් නොමැති බව ද ඔහු පැවසීය.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (26) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ ඔහු මේ බව පවසා සිටියේය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ ලබන වසරේ පටන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරා ගැනීම වෙනුවෙන් සියලු පියවර ගන්නා බවයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පැවසීය.

මෙය මාධ්‍ය සංදර්ශනයක් නොවන බවත්, මේ සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *