අලුත් අවුරුද්දට පෙර ආණ්ඩුවෙන් තවත් පෙරළියක්.!

පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත මේ වනවිට සකස් කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඊයේ (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“පළාත් පාලන මාතිවරණය 2023 මාර්තු මාසයේ පැවැත්වීමට නාමයෝජනා කැඳවුවා. නමුත් ඒ වෙලාවේ හිටපු පක්ෂත් අද නෑ. සමහර සන්ධාන කැඩිලා. ඒ නිසා ඒ නාමයෝජනා කැන්සල් කරලා අලුත් නාමයෝජනා කැඳවිය යුතු බව අපි හිතනවා. ඒ නිසා අපි පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණයක් අරන් දැනට නාමයෝජනා කැන්සල් කිරීමට අදාළ පනත සකස් කරලා තියෙන්නේ. ඒක ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ නැවත නාමයෝජනා කැඳවලා අපි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවුරුද්දට කලින් කටයුතු සුදානම් කරනවා.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *