ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (20) පැවසූවේ තමා එම ලබාගත් මුදල එම අරමුදලෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති බවත් එවකට සිටි ජනාධිපති, කථානායක සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතියද ඊට හිමිව ඇති බවත් ය.
ජනාධිපති අරමුදලෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබාගත් පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් පසුගිය පාර්ලිමේන්තු රැස්වීමේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අනාවරණයක් සිදුකළ අතර ඒ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නමද සඳහන් විය.
තමාට 2015 වසරේ හදිසියේ හටගත් හෘදයාබාධයක් වෙනුවෙන් ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතරතුර එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සුව දුක් බැලීමට පැමිණි අවස්තාවේ සිදුකළ දැනුම්දීමකට අනුව එම රෝහල් ගාස්තුවෙන් කොටසක් ජනාධිපති අරමුදල හරහා ලබාගත් බවත්
දයාසිරි ජයසේකර පවසයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න