පාස්කු ප්‍රහාරයේ හෙළිනොවූ කරුණු රැසක් එළියට…පොලිස් ලොක්කන්ගෙන් පෝලිමේ ප්‍රශ්න කරයි…

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් මෙතෙක් හෙළි නොවූ සුවිශේෂ කරුණු රැසක් හෙළිවෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා බැඳී ඇති වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ගිනිඅවි පැහැර ගැනීම සම්බන්ධයෙන් එකල විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරීන්ට පවා ඇතැම් ඉහළ නිලධාරීන් විසින් එල්ල කරන ලද බලපෑම් ගැන පවා තොරතුරු මේ වන විට හෙළිවෙමින් ඇති බව සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් මඩකලපුව පොලිස් කොට්ඨාසයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කරමින් සිටියි.

පොලිස් නිලධාරීන් දෙදෙනා මරා දැමීම එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාවක් බවට පෙන්වීමට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයකුගේ නිවෙසේ තිබුණු ජැකට්ටුවක් පොලිස් නිලධාරීන්, ඝාතනය වූ ස්ථානය අසලට දමා එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම ගැන පවා විමර්ශනයේදී සුවිශේෂ අවධානයක් යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

එවකට මඩකලපුවේත් නැඟෙනහිර පළාතේත් පොලිස් ප්‍රධානීන් ලෙස සේවයේ නිරත නිලධාරීන් කිහිපදෙනකුගෙන් ද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.

– ගයාන් කුමාර වීරසිංහ

Spread the news

Comments

“පාස්කු ප්‍රහාරයේ හෙළිනොවූ කරුණු රැසක් එළියට…පොලිස් ලොක්කන්ගෙන් පෝලිමේ ප්‍රශ්න කරයි…”ට එක් ප්‍රතිචාරයක්

  1. සුපිරි. මේ ජඩයින් වහා අත්අඩංගුවට ගෙන. රනිල්ගේ මහින්දගේ සජිත් ගේ පදන්ගුවන්ගේ ගූ කටවල් වැසීමට කටයුතු කරන්න, නැත්නම් මුන්ගේ අදෝනා අහලා අපේ ඔලුව නරක වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *