වැලිකඩට මාරු කළ දුමින්ද ජාතික රෝහලට.!

වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ රඳවා සිටි රඳවා සිටි මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ, ඔහුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්.

වසරකට අධික කාලයක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ දුමින්ද සිල්වා ඊයේ වැලිකඩ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යැවිණි.

ඒ, වෛද්‍ය නිර්දේශ මතයි. කෙසේවෙතත් කේ වාට්ටුවේ රඳවා සිටියදී දුමින්ද සිල්වා ඊයේ රාත්‍රියේ හදිසියේ අසනීප වූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *