ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනය පරිදි 2025 ජනවාරි 14දා – 17දා දක්වා මහජන චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති දිසානායක මහතා ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන බවත්, චීන අගමැති – ලී චියංග් හා චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති – ජාඕ ලජි යන මහත්වරුන් හමුවීමට නියමිත බවත් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙම සංචාරය, දෙරට අතර අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ප්‍රතිචාරයක් ලබාදෙන්න