ගුරු – විදුහල්පති වෘත්තීය ගැටලු විසඳීම සඳහා සාකච්ඡාවක්.

ගුරු හා විදුහල්පති සේවාවල වෘත්තීය ගැටලු කඩිනමින් විසඳීම සඳහා වන සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

ඒ අමාත්‍යාංශ ලේකම්වරයා සහ ලංකා ගුරු සංගමය අතරයි.

ගුරු සේවයට හා පාසල් පද්ධතියට බලපාන අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන අත්හිටුවා ඇති තත්ත්වයක් තුළ ගනු ලබන විනය ක්‍රියාමාර්ගවල දී ගුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා නව මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කිරීම පිළිබඳ මෙහිදි අවධානය යොමු වුණා.

ඉගැන්වීමේ ක්‍රියාවලියට බාධා කරමින් විවිධ ව්‍යාපෘති හරහා ගුරුවන් මත පටවා ඇති පීඩාකාරී වගකීම් ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කිරිමේ අවශ්‍යතාව ද මෙහිදි අවධාරණය කෙරුණා.

ගුරු සේවයේ ස්ථාන මාරු ගුරුවරුන්ගේ පහසුව සඳහා අදාළ පළාත් මාරු මණ්ඩල හරහා සිදු කිරීම ගැන ද අවධානය යොමු වුණා.

වැටුප් වර්ධක ගෙවිමේ දී කාර්ය සාධන ඇගයීම් පත්‍රිකා ඉවත් කර විදුහල්පති නිර්දේශ මත පමණක් කටයුතු කිරීම ගැන ද සාකච්ඡා කර තිබෙනවා.

පාසල්වල මුදල් රැස්කිරීම සම්බන්ධ පැමිණිලි කඩිනමින් විභාග කිරීම හා අදාළ චක්‍රලේඛ සංශෝධනය කිරිමේ අවශ්‍යතාව ද සාකච්ඡා කළා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මුහුණ පාන ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමුවු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *